Gossips

කොකේන් ගැන තොරතුරු ගන්න, රන්ජන් සී.අයි.ඩී.යට කැදවන්න – පොහොට්ටුව ඉල්ලයි

කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තමන් කළ ප්‍රකාශය වෙනස් නොකරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද යළි ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට සිදුකළ ප්‍රකාශය පිළිබදව අදත් මාධ්‍ය හමු වලදී සහ උත්සව කිහිපයකදී අදහස් පළ වුණා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ රන්ජන් රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඒ පිළිබදව ප්‍රකාශයක් ලබාගත යුතු බවයි.