නීති විරෝධී ලෙස කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 11 යි ග්‍රෑම් 300 සුක්ෂම ලෙස මෙරටට රැගෙන ආ බොලිවියානු ජාතිකයෙකු දින 7ක් රඳවා පරීක්ෂණ කිරීමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු පසුගිය 18 වැනිදා ඩුබායි සිට මෙරටට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සුක්ෂම අයුරින් රැගෙන විත් තිබුණා.
සැකකරු රැගෙන විත් තිබු ගමන් මල්ලේ තිබු රෙදි වල රසායනික ද්‍රවයක් මගින් මෙම කොකේන් මත්ද්‍රව්‍ය කාවද්දා තිබු බවයි පොලිස් පරීක්ෂණ වළදී හෙළිවී ඇත්තේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.