රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද පෙරවරුවේ කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කළ කමිටුව හමුවේ පෙනී සිටියා.
ඒ අදාළ කමිටුව එහි සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 07 දී රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැය භාගයකට ආසන්න කාලයක් කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණා.
අනතුරුව, මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ ද යන්න තහවුරු කර ගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් රුධිර හා මුත්‍රා සාම්පලයක්ද ලබාදුන්නා.
කෙසේ වෙතත්, මෙහිදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එල්ල වූ අභියෝගයක් වන එච්.අයි.වී පරීක්ෂාව සදහා රුධිර සාම්පල ලබාදීමක් සිදුවූයේ නැහැ.
අද පස්වරුවේ අදාළ පෞද්ගලික රෝහල රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට යොමුකළ රුධිර සාම්පල පරීක්ෂාවේ වාර්තාව අමාත්‍යවරයා මාධ්‍ය වෙත ලබා දුන්නා.
එහි දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදාළ කාලසීමාව තුළදී කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය 11 ක් භාවිත කර නොමැති බවයි.
මේ අතර, කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය පිළිබදව විමර්ශනය කළ කමිටුවේ වාර්තාව ලබන සදුදා අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි.
ඉන් පසුව, එය ලබන බදාදා රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එසේම, සිංහලේ අපි ජාතික සංවිධානය ද, අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකළා.
