Gossips

කොංගෝවේ ඉන්ධන බවුසරයක් ගිනිගෙන 53 දෙනෙකු ජීවිතක්ෂයට

කොංගෝ ජනරජයේ කින්ෂාසා අගනුවර සහ මටාඩි වරාය අතර මාර්ගයේ කිසාන්ටු නගරය ආසන්නයේදී ඉන්ධන බවුසරයක් මෝටර් රථයක ගැටී ගිනිගැනීමෙන් ජීවිත හානි රැසක් වාර්තාවනවා.
අනතුරත් සමඟ ඇතිවූ ගින්න යාබද නිවෙස්වලටද පැතිරී ඇති අතර, සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 53 දෙනෙකුගේ පිළිස්සුණු මළසිරුරු ඉවත් කරගත් බවයි කොංගෝ බලධාරීන් ප්‍රකාශ කළේ.
තවත් සියදෙනෙකු පමණ පිළිස්සුම් තුවාලවලට ගොදුරු වී ඇති බව සඳහන්.
වසර ගණනාවක් පැවති යුද්ධය නිසා කොංගෝවේ මාර්ග පද්ධතිය දුර්වලව පවතින අතර, 2010 වසරේදීද පෙරළුනු ඉන්ධන බවුසරයක් පිපිරීමට ලක්වීමෙන් පුද්ගලයන් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.