වැලිගම සහ මිහින්තලේ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 17යි ග්‍රෑම් 850ක් සමඟ 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිගම – මිදිගම ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී කේරල ගංජා කිලෝ 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම මිහින්තලේ බෙරළුහින්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරල ගංජා කිලෝ 05 ග්‍රෑම් 850ක් සමඟ 03 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
මොවුන් මිදිගම, රාගම, අනුරාධපුර සහ ගලෙන්බිදුණුවැව ප්‍රදේශවල පදිංචි අවුරුදු 28ත්, 54ත් අතර වයස්වල පසුවන්නන්.
