කොස්ගොඩ – එගොඩදූව ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොස්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඈ සතුව තිබී කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 850 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
45 හැවිරිදි සැකකාරිය කොස්ගොඩ – කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
