කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 506 ක් සමග සැකකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුනු තොරතුරකට අනුවයි අද උදෑසන පොලිසිය වැටලීම සිදුකර ඇත්තේ.
40 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
