දිවයිනේ ප්‍රදේශ 2 කදී කේරළ ගංජා කිලෝග්‍රැම් 33 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්වැටිතුරේ කෝවිල අසළදී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 500ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී ද කේරළ ගංජා කිලෝ 14 යි ග්‍රෑම් 600ක් සමග 39 හැවිරිදි සැකකරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.
