Gossips

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 24ක් අත්අඩංගුවට

කේරළ ගංජා රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ (10) සිදුකළ පරීක්ෂාවකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් ළඟ තිබී කේරළ ගංජා ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 455ක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, කුරුණෑගල, මාතලේ, මීගමුව සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක්.
ඔවුන් හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 07 දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරුවන් ඇප මත මුදා හැර ඇත්තේ අනිද්දා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින්.