Gossips

කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව – නොච්චිමුටෙයි ප්‍රදේශයේදී පොලීසිය අද (14) අත්අඩංගුවට ගත්තා.
පොලිස් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය ලංගම බස් රථයකින් රැගෙන යමින් සිටියදී සොයාගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යාපනය ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු මොහුට මෙලෙස ගංජා ලබාදී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය