Gossips

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් චාවකච්චේරියේදී අත්අඩංගුවට

කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මොවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 77 යි ග්‍රෑම් 800 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යාපනය, අයියකච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.