Gossips

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 51 ක් සමඟ කඩවත ගුවන් පාලම ආසන්නයේදී පුද්ගලයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරුවන් වෑන් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිට තිබු බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා කොළඹ – මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 සහ 42 වයස්වල පසුවන දෙදෙනෙක්.
ඔවුන් හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 75 ක් පමණ වන බව සඳහන්.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.