කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 68ක් සමඟ සැකකරුවෙකු ඊයේ (28) යාපනය – පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ නාවික හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප්‍රවාහනය සඳහා සුදානම් කර තිබූ මෙම කේරළ ගංජා තොගය සමඟ සැකකරු පේදුරුතුඩුව, කුරුම්බසෙට්ටි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය, පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
