Gossips

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කැළණිය – කෝපිවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් ඊයේ සිදුකළ වැටලීමකදීයි කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 200 ක් බරැති මෙම කේරළ ගංජා තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මරදාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු කලක සිට මෙම කේරළ ගංජා ජාවාරමේ නිරතව සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.