Gossips

කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් වව්නියාවේදී අත්අඩංගුවට

වවුනියාව – ඔදාර්සින්නකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 620 ක් යතුරපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
26 හැවිරිදි ඇය එම ප්‍රදේශයේම පදිංචිකාරිණියක්.