Gossips

කේරළ ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 3 දෙනෙකු මට්ටක්කුලිය සහ නිට්ටඹුව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.
මොහු සතුව තිබී කේරළ ගංජා තොගයක් සහ කඩු දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මොවුන් මිහිරිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්.