Gossips

කේරළ ගංජා ජාවාරමකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු පොලිස් දැලේ

ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා එක්රැස් කර ගත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු තමිල්නාඩුවේ – මදුරෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනෙක් සැකකරුවන් දෙදෙනා තමිල්නාඩුවේ පදිංචිකරුවන්.
33 හැවිරිදි සහ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා යාපනයේ පදිංචිකරුවන් බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් තුන්ලක්ෂ 88,000 ක්. ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ මුදල් තොගයක් ද ඔවුන් ළග තිබී සොයා ගෙන තිබෙනවා.
පසුගිය සෙනසුරාද අත්අඩංගුවට ගත් මොවුන්ට එරෙහි වැඩිදුර පරීක්්ෂණ මදුරෙයි පොලීසිය මගින් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.