Gossips

කේරළ ගංජා කිලෝ 200ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 200 ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද සවස සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ වැලිසර ප්‍රදේශයේදීයි.
පේසාලේ ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු සැකකරුවන් අතර වනවා.
මෙම පුද්ගලයන් මන්නාරම සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරියකින් කොළඹට පැමිණ ඇති අතර එහි තිබියදීයි කේරළ ගංජා කිලෝ 200 හමුවී ඇත්තේ.
ඒවායෙහි වටිනාකම රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික බව පොලිසිය සඳහන් කලා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.