Gossips

කේරළ ගංජා කිලෝ 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය – පරන්තන් මංසන්ධියේදී කේරළ ගංජා කිලෝ 2 කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදියි මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු 35 හැවිරිදි වයික්කාල් – ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
සැකකරු වැඩිදුර නීිතිමය ක්‍රියාමාර්ග සඳහා කිලිනොච්චිය පොලීසිය වෙත භාරදී තිබෙනවා.