Gossips

කේරළ ගංජා කිලෝ 2ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට

කයිට්ස් හි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත සෙබලූන් පිරිසක් විසින් ඊයේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
කයිට්ස් – පුලියන්කුඩල් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරු සහ කේරළ ගංජා රැගෙන යමින් සිටි යතුරුපැදිය වැඩිදුර විමර්ශන සදහා කයිස්ට් පොලීසියට භාර දී තිබෙනවා.