Gossips

කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නොරොච්චෝල කලපු තීරයේදී කේරළ ගංජා කිලෝ 14 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරු සහ කේරළ ගංජා අත්අඩංගුවට ගැනුනේ.
ඔහු පූලච්චේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අද පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නොරොච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.