Gossips

කේරළ ගංජා කිලෝ 118ක් සමඟ තුනක් නාවික හමුදා අත්අඩංගුවට

රුපියල් කෝටි එකහාමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 118ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් යාපනය – කන්කසන්තුරය පොලිසිය වෙත භාරදී ඇති බව සඳහන්.
පොලිසිය පැවසූවේ ඉන්දියාවේ ජාවාරම්කරුවන්ගෙන් අදාල කේරළ ගංජා තොගය ලබාගෙන බෝට්ටු මඟින් මෙරටට ගෙන එමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ත් 32 ත් අතර වියේ පසුවන පිරිසක්.
මොවුන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමි අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කන්කසන්තුරය පොලිසිය සහ උතුරු නාවික නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.