Gossips

කේරළ ගංජා කිලෝ එකහමාරක් සමඟ සැකකරුවෙක් අල්ලයි

රුපියල් ලක්ෂ හතරහමාරකට විකිණීම සඳහා කේරළ ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ අනුරාධපුර පොලීසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්නායම්කුලම් හි පිහිටි ඔහුගේ නිවසේදීයි.
40 හැවිරිදි සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ රෙදිපිලි සාප්පුවක ඇඳුම් මසන්නෙකු ලෙස සේවය කරමින් සිටින අතර, ඔහු එහි සිට අනුරාධපුරයට මෙම කේරළ ගංජා තොග වශයෙන් මීට පෙර ද ගෙනවිත් ඇති බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ.
සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.