Gossips

කේරළ ගංජා කිලෝවක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කොස්තාපල්වරයා යතුරුපැදියකින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී කහටගස්දිගිලිය – නිලූපුල්ලෑකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේයි.
ඔහු 34 හැවිරිදි චාවකච්චේරිය පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාප්වරයෙක්.
උතුර ප්‍රදේශයෙන් රහසේ රැගෙන එන කේරළ ගංජා අනුරාධපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීම මොහු විසින් කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරනවා.