Gossips

කේරළයේ සායනික අපද්‍රව්‍ය පුත්තලම වෙරළේ

පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගයක් ගොඩ ගසා තිබෙනවා.
පුත්තලම – පෙරියපල්ලිය, චින්නපල්ලි, පල්ලියවත්ත, කන්දදූව වැනි ප්‍රදේශවලට මෙලෙස සායනික අපද්‍රව්‍ය ගොඩගසා ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, අදාළ අපද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙස එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.