ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝග්‍රෑම් 70 කට ආසන්න තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වව්නියාව, ඕමන්ත, පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකුද සමගින් මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
