Gossips

කේට් කුමරිය රෝහල්ගත කරයි

විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඞ්ල්ටන් සිය තුන්වන දරු ප්‍රසූතියේ මූලික ලක්ෂණ පහළවීමත් සමඟ රෝහල් ගතකර තිබෙනවා.
පැඩින්ටන් හි ශාන්ත මේරි රෝහලේ ලින්ඩෝවින් කොටසට ඇයව ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය මාර්තු 22 වනදා සිට කේට් කුමරිය රාජකීය කටයුතුවලට සහභාගි නොවුණේ තුන්වන දරු ප්‍රසුතිය සඳහා සූදානම් වීම හේතුවෙන්.
මේ වනවිට 36 වන වියේ පසුවන කේට් කුමරියගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු සහ දෙවන දරුවා වන චාලට් කුමරිය උපත ලැබුවේද ශාන්ත මේරි රෝහලේදියි.