Gossips

කෙහෙළියගේ විරෝධතාවක් ප්‍රතික්ෂේප වේ

අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල, ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කරන සමයේ පෞද්ගලික ජංගම දුරකතනයේ රුපියල් දෙලක්ෂ 30,984 ක මාසික බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවූ බව කියන සිද්ධියකට අදාළවයි අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණේ.
නඩුව ජුනි මස 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.