Gossips

කෙසෙලේගමුව ඔයෙහි මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට

කාසල්රී ජලාශයට ගලා බසින කෙසෙල්ගමුව ඔයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.
රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස මැණික් ගරමින් සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසෙල්ගමුව ඔයෙහි මැණික් ඉල්ලම් ගොඩගැනීම නිසා ගඟ දෙපස පරිසරයට දැඩිව හානි වන බවට පරිසරවේදීන් මීට පෙර විවිධ අවස්ථාවලදී පෙන්වා දුන්නා.
ඒ අනුවයි පොලීසිය අඛන්ඩව මෙම වැටලීම් ආරම්භ කර ඇත්තේ.