දැනට ඩුබායි හි සැඟවී සිටින කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මව හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේණුකා අමරසිලි හෙවත් චූටි අම්මා නමැති සැකකාරිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත – මුහන්දිරම් පටුමගේ පිහිටි ඇගේ නිවසේදීයි.
53 වන වියේ පසුවන ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබෙනවා.
