Gossips

කෙසෙල්වත්ත දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන පාතාල නායක කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟින් ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුණසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පාතාල නායක කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන මොහු මෙරට සිදුකෙරෙන යම් යම් ජාවාරම් වලට සම්බන්ධ වූ අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මීට අමතරව ඔහුට පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
ඩුබායි හි රැදී සිටින කෙසෙල්වත්තේ දිනුක මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මෙරට සිදුවූ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක්.