කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක් බව පොලීසිය පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොටහේනේ චානා නැමති පාතාල කල්ලි නායකයාගේ අනුගාමිකයෙක්.
ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටින කෙසෙල්වත්තේ දිනුක නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ කල්ලිය විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
තුවාල ලැබූ 28 හැවිරිදි තරුණයා ඊයේ (17) රාත්‍රියේ වේල්ල වීථියේ මාර්ගයක ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
