කෙසෙල්වත්ත – සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 7ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
39 හැවිරිදි සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
