Gossips

කෙසෙල්වත්තෙන් සොයාගත් හිස සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ගැටුමක ප්‍රතිඵලයක්

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ දමාගොසද් තිබියදී අද සොයාගත් හිස් කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු කොස් මල්ලි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.
අද උදෑසන මෙම හිස සොයාගත් අතර කෙසෙල්වත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරනු ලබනවා.
දැනට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇති කරුණු අනුව සැක කරනු ලබන්නේ පසුගිය මස 16 වනදා මෙම ප්‍රදේශයේදීම සිදුවු පුද්ගල ඝාතනයට මෙම සිද්ධියේ ද සම්බන්ධතාවක් ඇති බවයි.
මෙය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට ද අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.