කොළඹ 12 – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ හිසක් සොයා ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව බෑගයක දමා ගොස් තිබියදී මෙම හිස අද (07) උදෑසන සොයා ගත් බවයි.
මෙය කවුරුන්ගේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර, කෙසෙල්වත්ත පොලීසිය ඒ සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
