එංගලන්ත ක්‍රිකට් පිළේ පෙරළිකාර ක්‍රීඩකයෙකු වූ කෙවින් පීටර්සන් අප්‍රිකානු රයිනෝ සංරක්ෂණ වැඩසටහනක් සඳහා එක්වී තිබෙනවා.
නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය ඒ සම්බන්ධයෙන් නිෂ්පාදනය කරන වාර්තා වැඩසටහන් මාලාවකට ඒ අනුව ඔහු එක්වනු ඇති.
දකුණු අප්‍රිකාවේ උපත ලබා එංගලන්ත පිළ වෙනුවෙන් ක්‍රීඩා කළ පීටර්සන් සිය දකුණු අප්‍රිකානු මිතුරු ක්‍රීඩක මාක් බවුචර් සමඟ මීට පෙර ද වන සත්ත්ව සංරක්ෂණ වැඩසටහන්වලට දායක වුණා.
සොරායි හෙවත් අප්‍රිකානු සහ ඉන්දියානු රයිනෝ සත්ත්වයන් සුරැකීමේ ආයතනයක් ද ඔහු විසින් පිහිටුවනු ලැබුවා.
