Gossips

කෙවින් පීටර්සන් ජාත්‍යන්තර පිටියට සමුදීම තහවුරු කරයි

සුපිරි පිතිකරුවෙකු වන එංගලන්ත කණ්ඩායමේ කෙවින් පීටර්සන් ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගැනීම තහවුරු කර තිබෙනවා.
ඔහු සිය ට්විටර් ගිණුමේ මෙය සඳහන් කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.
2014 වසරේ ජනවාරි මාසයෙන් පසු කෙවින් පීටර්සන් ජාත්‍යන්තර තරගවලට සහභාගී වුයේ නැහැ.
ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.
එය ඔහුගේ 104 වන ටෙස්ට් තරගය ලෙසට ඉතිහාසයට එක්ව තිබෙනවා.
මේ වන විට පැවැත්වෙන පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය බොහෝ දුරට තමාගේ අවසන් ජාත්‍යන්තර තරගය වනු ඇති බවටයි කෙවින් පීටර්සන් පසුගියදා ප්‍රකාශකර තිබුනේ.
එම ප්‍රකාශය ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.
37 හැවිරිිදි පීටර්සන් එක්දින තරග 136 කදී ලකුණු 4440 ක් ලබාගෙන තිබෙනවා.
ටෙස්ට් තරග 3 කදී සහ එක්දින තරග 12 කට කෙවින් පීටර්සන් එංගලන්ත කණ්ඩායමට නායකත්වය ද ලබාදුන්නා.