Gossips

කෙන්යා කණ්ඩායමේ නායක, පුහුණුකරු සහ පාලක මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

කෙන්යා ක්‍රිකට් කණ්ඩායමේ නායක රකීප් පටෙල් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගියදා අවසන් වු ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත්වීමෙන් පසු මව් රටට පැමිණීමත් සමගයි ඔහු මෙම තීරණයට එළඹී ඇත්තේ.
නැමීබියාවේ පැවති තරගාවලි දෙකක් කෙන්යාව පරාජයට පත්වුනා.
එමෙන්ම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තෝමස් ඔඩෝයෝ ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අමතරව කෙන්යා ක්‍රිකට් සභාපති ජැකී ජැන්මොහොමඩ් ද සිය ධුරයෙන් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.
පසුගියදා අවසන් වූ තරගාවලියේදී කෙන්යාවේ දක්ෂතා ඉතා දුර්වල මට්ටමක පැවති බවයි විචාරකයන් ද පෙන්වා දෙන්නේ.
එක් තරගයක් ඔවුන් පරාජයට පත්වුයේ ලකුණු 218 කින්.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයක්.
එම පරාජය එම තරගාවලියේදී කෙන්යාව ලැබු දරුණුතම පරාජය ලෙසටයි සැලකෙන්නේ.
කෙන්යා කණ්ඩායමේ පුහුණුකරු තෝමස් ඔඩෝයෝ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වීමේ කොටස්කරුවෙකු ද වනවා.
ඔහු සඳහන් කර ඇත්තේ පසුගියදා නැමීබියාවේ පැවති තරගාවලියේදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් හේතුවෙන් තමා ඉතා කනස්සල්ලකින් මෙන්ම පීඩනයකින් පසුවු බවයි.
තමා පත්වු මෙම තත්වය කිසිවෙකුට සිදු නොවිය යුතු බව ද ඔහු ප්‍රකාශකර තිබෙනවා.
කණ්ඩායමක් දැක්වු දුර්වලම දක්ෂතාවේ වාර්තාව ද මෙහිදී තම කණ්ඩායමට හිමිවු බවයි කෙන්යා පුහුණුකරුවා පෙන්වාදී ඇත්තේ.
එමෙන්ම ක්‍රිකට් ආයතනයක සභාපති ධුරයට පත්වු පළමු කාන්තාව ද වන ජැකී ජැන්මොහොමඩ් ඉල්ලා අස්වීම ද කතාබහට ලක්වී තිබෙනවා.
ඇය ද කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා.
සභාපතිවරිය සඳහන් කර ඇත්තේ මෙවැනි අඩු දක්ෂතා දක්වන කණ්ඩායමක වගකීම භාරගැනීමට ද කවුරුන් හෝ සිටිය යුතු බවයි.
එබැවින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා තීරණය කළ බවයි ඇය කියාසිටියේ.
නව සභාපතිවරයෙක් පත් කර ගැනීමට දින 30 ක් ඇතුලත මැතිවරණයක් පැවැත්වෙන බව ද ජැකී ජැන්මොහොමඩ් ප්‍රකාශකර තිබෙනවා.