නව ක්ෂේත්‍ර ඔස්සේ සබඳතා ශක්තිමත් කර දෙරටේ ජනතාවට පුළුල් ප්‍රතිලාභ ලබාදීම කෙරෙහි කෙන්යා – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවුණා.
ඒ කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ජනාධිපති උහුරු කෙන්යාටා අතර අද සිදුවූ නිල හමුවේදීයි.
අතිශය සමාන පරිසරයක් සහ අත්දැකීම් සහිත සමාන අභියෝගයන්ට මුහුණදී සිටින රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ කෙන්යාවට නව සබදතා තුලින් ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය මෙහිදී සාකච්ඡා කෙරුණා.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතුවලදී සහය දැක්වීම සහ කෙන්යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරට ජනාධිපති උහුරු කෙන්යාටා එකඟතාවය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.