කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 30 දෙනෙකුට පමණ තුවාල සිදුවුණා.
ප්‍රහාරයේ වගකීම සෝමාලියානු අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
