Gossips

කෙන්යාවට ළඟාවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉහළ පිළිගැනීමක්

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ජෙමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මහත් හරසරින් පිළිගෙන තිබෙනවා.
ජනාධීපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා කෙන්යාවට ලඟා වූ බවයි.
‘‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’’ යන්න තේමා කරගත් එක්සත් ජාතීන්ගේ ජගත් පරිසර සමුළුව අමතා ජනාධිපතිවරයා අද දහවල් විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතයි.