Gossips

කෙන්යානු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
එරට ජීවිතාරක්ෂක භට පිරිස් 100 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව ද සඳහන්.
නයිරෝබි නුවර ආසන්නයේ පිහිටා තිබූ හෝටල් සංකීර්ණයකටයි මෙම ප්‍රහාරය එල්ල වුණේ.
ප්‍රහාරයේ වගකීම සෝමාලියානු අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.