Gossips

කෘෂි හා ධීවර ක්ෂේත්‍රයේ නිෂ්පාදන පුළුල් කිරීමට ජාත්‍යන්තර සහය

මෙරට කෘෂි හා ධීවර ක්ෂේත්‍රයේ නිෂ්පාදන වඩාත් පුළුල් කිරීම සඳහා නව පර්යේෂණ කිහිපයක් ආරම්භ කිරීමට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසනවා.
පසුගියදා පැවති වාර්ෂික ගෝලීය සවිබල ගැන්වීමේ සමුළුවේදී මීට අදාළ මූලික එකඟතාවයන්ට එළඹුනු බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙහිදී අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුම හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ ඔස්සේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කර ඇති බවයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.