Gossips

කෘෂි ක්ෂේත්‍රයේ බදු අනුපාතය අඩු කරයි – ව්‍යවසායකයින් වසර 5කට ආදායම් බද්දෙනුත් නිදහස්

සුළු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. බදු අනුපාතය ද සියයට 28 සිට 14 දක්වා අඩු කර තිබෙනවා.
තේ, කුළු බඩු, පොල්, රබර්, වී, පළතුරු, එළවළු ආදී ඕනෑම වගාවකින් ලැබෙන ආදායම් මෙම සහනයට යටත් වන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ලාභය මත බදු අනුපාතය සියයට 28 සිට 14 දක්වා අඩු කෙරෙන අතර, කුඩා ව්‍යවසායකයන්ට දැඩි පීඩනයක් ඇති කළ ආර්ථික සේවා ගාස්තුවේ ආදායම් සීමාව කාර්තුවකට මිලියන 12.5 සිට මිලියන 50 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව මෙම සහන ක්‍රියාත්මකයි.
එසේම කෙටි කලකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාසයකයන්ට මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශවීමේ හැකියාව ලබාදෙන වැඩසටහනක් නිර්මාණය කරන ලෙස ද මහා භාණ්ඩාගාරයට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම වටානා මත පනවා තිබූ බදු කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් ඉවත් කිරීමට ද නියමිත බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.