Gossips

කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක කිහිපයක

ලෝක බැංකු මුල්‍යාධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 58ක ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රදානයක් අනුව කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මෙරට දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමගින් තරගකාරි කෘෂී බෝග නිෂ්පාදනයත්, කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය භාවිතය පිළිබදව ආදර්ශ ව්‍යාපෘති ගොවීන්ට හදුන්වාදීමත්, සිදුකරන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
මෙරට සුළු පරිමාණ ගොවීන් සදහා අන්නාසි, වැල්දොඩම් , ලොකු ලූණු බීජ, අඹ සහ බිම්මල් වැනි ඉල්ලුමක් සහිත බෝග ව්‍යාපෘති හදුන්වාදෙමින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපදෙස් සහ මුල්‍යාධාර මෙම වැඩසටහන හරහා ලබා දෙනවා.