Gossips

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 346 දෙනෙකු බඳවා ගැනේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය සදහා කෘෂිිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර සහ ඉංජිනේරු සහකාර තනතුරු සඳහා 346 දෙනෙකු බදවා ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා.
ඊට අදාළ විභාගයෙන් සමත්වූ 476 දෙනෙකු අතරින් පුරප්පාඩු අනුව මෙම බඳවාගැනීම් සිදුකර තිබෙනවා.
ඉදිරි දෙසතිය තුළ එම පත්වීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.