ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු බව ප්‍රකාශ කළේ රාජාංගනයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී.
වකුගඩු රෝගය ව්‍යාප්තවීම ඇතුළු සෞඛ්‍ය කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ග්ලයිෆොසෙට් වල් නාශකය තහනම් කිරීමට රජය පියවර ගත්තේ 2015 වර්ෂයේදී.
කෙසේ වෙතත් එම තහනම ඉවත් කිරීමට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා විරෝධය පළකළා.