කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කුලියට ගැනීමෙන් පසුව ලබාගත් ගෘහ භාණ්ඩ සඳහා වැයවූ මිලියන 466 ක් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සජිත් විජේරත්න, 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සොයන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (09) ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
එහිදී ඔහු පැය 4ක පමණ කාලයක් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී ඇති බව සඳහන්.
එමෙන්ම ඊයේ (09) දිනයේදී ජාතික රුධිර පාරවිලයනය ආයතනයේ වැඩබලන අධ්යක්ෂව සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනද සිදු කෙරුණා.
මේ සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය දීපා සරණජීව කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
කොමිෂන් සභාවේ වැඩිදුර විභාග කටයුතු මේ මස 22 වනදා ආරම්භවීමට නියමිතයි.