Gossips

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන 3 කට නව සභාපතිවරුන්

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන තුනකට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.
ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ උපාලි මොහොට්ටියි.
සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අමරනාත් අබේගුණසේකර පත්කර තිබෙනවා.
එමෙන්ම කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස ජගත් පෙරේරා පත්කර ඇති අතර, ඔහු මීට පෙර ලංකා ධීවර සංස්ථාවේ සහ සීනෝර් ආයතනයේ සභාපතිවරයා ලෙසයි කටයුතු කළේ.