Gossips

කෘෂිකර්ම අමාත්‍යාංශයට පරිසරවේදීන්ගෙනුත් චෝදනාවක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට සේනා දළඹුවා සාර්ථකව මර්දනය වී නොමැති බවට පරිසරවේදීන් චෝදනා කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට යම් ආකාරයක සේනා දළඹුවා මර්දනය වී තිබුණ ද මැයි සහ නොවැම්බර් මාස වනවිට දළඹු ව්‍යාප්තිය යලි සිදුවීමේ අවදානමක් පවතින බවයි.
සේනා දළඹුවා මර්දනයට ගතයුතු පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාරිත්තමේන්තුවේ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් ඊයේ පැවති අතර එහිදි තීරණය කෙරුණේ යල කන්නයේ බඩ ඉරිගු වගාව මැයි මස පලමු වනදා සිට සති දෙකක් තුල වගා කිරිමටයි.
කෙසේ වෙතත් පරිසරවේදී තිලක් කන්දේගම ප්‍රකාශ කළේ මේ වනවිට පැවති තත්ත්වයට වඩා භායනක ලෙස සේනා දළඹුවා යලි හිස එසවීමේ අවදානමක් පවතින බවයි.